හද නැති රැය මම මත් උනෙම මලින්
මම මැරුනේ මොහොතක් නුබ යන්න කලින්
කාලේ ගියේ මාවත් අරන්කවුරුත් එන්න කලින්
කාලකන්නි ලෝකේම මන් දාලා යන්නේ මුලින්
මොහොතක් මුලාවී
දවසක් මුලාවී
මොහොතක් මුලාවී
මොහොතක් මුලාවී
මනසත් මුලවී
හවසත් මුලාවී
හීනෙන් මාව දැක්කේ නැත්තේ ඇයි..
මාව තේරුම් ගත්තේ නැත්තේ ඇයි..
ලගින් මාත් එක්ක ආවේ ඇයි..
හිත රිදුනම ආවේ නැත්තේ ඇයි..
පහු උනේ මගේ උපන්දිනේ මැයි
අම්මේ මාව මෙහෙ එක්කන් ආවේ ඇයි?
කාලකන්නි ලෝකේ පාට දෙකේ නයි
අම්මේ මාව මෙහෙ එක්කන් ආවේ ඇයි?
මැරුනු ජීවිතේ මගේ කවුරුත් නැති ලෝකෙක මා හිරවෙලා පේන්නෙත් නෑ වටේ
මට මගේම කියා කවුරුත් නෑ වගේ කවුරුත් එන්නෙත් නෑ ඉන්නෙත් නෑ හැමදාමත් මන් තැලේ
ඇවිදන් යන්නේ මන් තනියෙන් සවියෙන් මග ඒ
විදවන් ඉන්නේ දැන් ලැබීමෙන් කරුමෙන් මම ඒ
තවනම් ඉන්නත් බෑ නවතන් ඉන්නත් බෑ
කවදද යන්නේ මම යන්නේ යට අඩි හයක් පොලොවට ඒ
මමනම් ඒ තවනම් ඒ යන්නේ තැති අරන්
කවදත් ඒ පවනම් ඒ යන්නේ පැති හදන් මුන්
කාලකන්නි ලෝකයක් මේකනම් අම්මේ මාව මෙහි එක්කන් ආවෙ ඇයි?
පහු උනේ මගේ උපන්දිනේ මැයි
අම්මේ මාව මෙහෙ එක්කන් ආවේ ඇයි?
කාලකන්නි ලෝකේ පාට දෙකේ නයි
අම්මේ මාව මෙහෙ එක්කන් ආවේ ඇයි?